දේශීය

Image Expo 2023′ ප්‍රදර්ශනය නැරඹීමට ජනපති එක්වෙයි

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ‘Image Expo 2023’ ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14) පස්වරුවේ එක්විණි.

 

Image Expo 2023 ප්‍රදර්ශනය මෙවර 03 වැනි වරට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙයි.

 

සෝනි සන්නාම තානාපතිවරුන් ලෙස ජනප්‍රිය ඡායාරූප ශිල්පීන් වන දිමිත්‍රි කෲස් සහ තිළිණ කළුතොට ගේ යන මහත්වරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සම්මාන ලැබූ අතරන් සම්මානලාභී වනජීවි ඡායාරූප ශිල්පියකු වන ලක්ෂිත කරුණාරත්න මහතා විසින් ජනාධිපතිවරයා වෙත වනජීවි ඡායාරූප එකතුවක් ද ප්‍රදානය කළේය.

 

CameraLK ආයතනය විසින් ජනාධිපති මාධ්‍ය අංශය වෙත අතිනවීන තාක්ෂණයෙන් යුත් ඩ්‍රෝන කැමරාවක් ප්‍රදානය කිරීම ද මෙහි දී සිදු විණි.

 

පසුගිය 13 වැනිදා ආරම්භ වූ Image Expo 2023 ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි.

Related posts

ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ග සංවර්ධනය ගැන තීරණ කිහිපයක්

Mohamed Dilsad

විශේෂ අභ්‍යන්තර සාකච්ඡාවට බැසිල් පොහොට්ටුව කැඳවයි

Mohamed Dilsad

කන්ජිපානි ඉම්රාන්ගේ පියාට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment