(UTV | කොළඹ) –
සෞදියේ මක්කම නගරයේ හජ් වන්දනාවට ගොස් සිටින වන්දනාකරුවන් 6 දෙනකු අධික උණුසුම හේතුවෙන් මිය ගොස් තිබෙනවා. මක්කම නගරයේ උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 48 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මියගිය වන්දනාකරුවන් 6 දෙනාම ජෝර්දාන වැසියන් බවද සඳහන්. සෞදි බලධාරීන් සඳහන් කරන ආකාරයට, මෙවර හජ් වන්දනාව සඳහා බැතිමතුන්මි ලියන 1.8 ක් සහභාගී වෙති.