බංග්ලාදේශයේ පෞද්ගලික කර්මාන්තශාලා 219ක් වසා දැමීමට එම ආයතන හිමිකරුවන් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අතර, මහා පරිමාණ ඇඟළුම් කර්මාන්ත ශාලා 86 ක ට වැඩි ප්‍රමාණයක් ඇතැයි සඳහන්. ඇඟළුම් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලා රැසක් මෙලෙස වසා දැමීමට පියවර ගනෙ තිබේ.
වැඩි වැටුප්, ප්‍රසාද දීමනා සහ පැමිණීමේ දීමනා ඉහළ දමන ලෙස පාලනාධිකාරියට බල කරමින් සේවක සේවිකාවන් විසින් සිදු කරනු ලැබූ වැඩ වර්ජනය හා විරෝධතා හේතුවෙන් මහා පරිමාණ ඇඟලුම් කර්මාන්තශාලා 86ක් දින නියමයකින් තොරව වසා දැමීමට පියවර ගෙන ඇත. ඉදිරි දින කිහිපය තුළ බංගාදේශයේ ආර්ථිකය ට දැඩි බලපෑමක් වනු ඇතැයි ද සඳහන්.