පාර්ලිමේන්තු මැතිවරණයෙන් සර්වජන බලය පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා නම් කර ඇතැයි සඳහන්. මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යවමින් එම පක්ෂයේ මහලේකම් නීතීඥ රන්ජන් සෙනවිරත්න මහතා මේ බව දන්වා තිබේ.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට නව පක්ෂයක් ලෙසින් ඉදිරිපත් වූ සර්වජන බලය 178,006 ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන තිබිණ. ඒ අනුව ජාතික ලැයිස්තුවෙක් එක් මන්ත්‍රී අසුනක් හිමි විය.