Trending Newsඑසැන පුවත්දේශීය

නිදහස් දිනය දා රැඳවුවන් 285 දෙනෙකුට රාජ්‍ය සමාව

ජාතික නිදහස් දිනය වෙනුවෙන් රැඳවුවන් 285 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව හිමිව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක සඳහන් කළේ, මෙලෙස නිදහස හිමිවන පිරිස අතර අතර රැඳවුවන් 279 දෙනෙකු සහ රැඳවියන් 06 දෙනෙක් වන බවයි.

මීට අමතර ව 77 වන නිදහස් දිනයට සමගාමීව අද (04) දිනයේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රැඳවූවන් බැලීම සඳහා අමුත්තන්ට අද (04) විශේෂ අවස්ථාවක් ලබා දී තිබේ.

ඒ අනුව, ඥාතීන් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් පරිදි ලබාදිය හැකියි බවයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.

Related posts

UPDATE: களுத்துறை படகு விபத்து – பலி எண்ணிக்கை மேலும் அதிகரிப்பு

Mohamed Dilsad

සති 02 ක් රජයේ – පාසල් වැඩ යළි Online වෙයි ද

Mohamed Dilsad

කොරෝනා මරණ ගණන 87දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment