Trending Newsඑසැන පුවත්දේශීය

සෝලා විදුලි නිෂ්පාදනය අධෛර්යට පත් කිරීමේ උත්සාහයක් ගැන හිටපු ඇමති පාඨලී චම්පිකගෙන් අනාවරණයක්

නව රජයේ ප්‍රතිපත්තිය යටතේ ඉදිරි කාලයේදී සුළං හා සූර්ය විදුලි බලාගාර වලට අහිතකර බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි. මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින් හිටපු අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

සුළං බලාගාර, සූර්ය බලාගාර සහ කුඩා ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය සීමා කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයෙන් මේ වන විටත් කමිටුවක් පත් කර ඇති බවත් ඔහු කියා සිටී.

ඒ අනුව ඉදිරි කාලයේදී මෙම බලාගාර වල විදුලි ඒකකයකට ගෙවන ගාස්තු ආදිය හරහා ඒවා අධෛර්යයට පත් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ වෙනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි. ඒ අනුව නැවත වතාවක් ගල් අඟුරු මාෆියාව හා ඩීසල් මාෆියාවේ පිරිස් විසින් විදුලි සැපයීමේ බලය අත්පත් කරගෙන ඇති බව පෙනී යන බවත් හෙතෙම කියා සිටියේය.

Related posts

තවත් තරුණියක් අභිරහස් ලෙස මියයයි

Mohamed Dilsad

” இலங்கைக்கான ஜி.எஸ்.பி வரிச் சலுகை இம்மாதம் 22ம் திகதி முதல் நடைமுறைக்கு வரும் – அமைச்சர் றிசாத் பதியுத்தீன்

Mohamed Dilsad

විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Editor O

Leave a Comment