(උදයම්,කොළඹ) – ආනයනකරුවන්ගෙන් ඩොලර් විනිමය සඳහා පැවැති ඉහළ ඉල්ලුම හේතුවෙන් රුපියලේ අගය තවදුරටත් පහත වැටීමක් අද දක්නට ලැබේ.
එහෙත් සංචිත වර්ධනය කර ගැනීම සඳහා ඩොලර් මිලදී ගැනීමට මහබැංකුව ඉදිරිපත් වීමත් සමඟ එම තත්ත්වය සමනය වූ බවයි වෙළඳපොළ විශ්ලේෂකයන් සඳහන් කළේය.
ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය අද සටහන් වූයේ රුපියල් 154යි ශත 54ක් ලෙසය.