(උදයම්,කොළඹ) – ඊයේ (29) එංගලන්තයේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාව පරදවා කඩුලූ 8 ක ජයක් ලැබීමට ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිල සමත් වුණා.
ශ්‍රී ලංකාව පන්දුවාර 50 තුළ කඩුලූ 9 ක් දැවී ලකුණු 257 ක් රැස් කළ අතර, චමරි අතපත්තු නොදැවී ලකුණු 178 ක් රැස් කළේ ලොව කාන්තා එක්දින තරගයකදී තුන්වන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසය.
එහෙත් ඕස්ට්‍රේලියාව 44 වන පන්දුවාරයේදී කඩුලූ 2 ක් දැවී ලකුනු 262 ක් ලබමින් තරගයේ ජය හිමිකර ගත්තේය.