ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරයා බංග්ලාදේශය බලා පිටිත්විමට සුදානම්

(උදයම්,කොළඹ)   –   රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම මස 13 වනදා බංග්ලාදේශය බලා පිටිත්විමට නියමිතය.

ජනාධිපති ධුරයට පත්විමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බංග්ලාදේශයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි.

දෙදිනක් එරට  රැදී සිටින ජනාධිපතිවරයා එහිදී බංග්ලාදේශ අග්‍රමාත්‍ය ශෙයික් හසීනා මහත්මිය මුණගැසී සාකච්ඡා කරණු ඇත.

ජනාධිපතිවරයා බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු මුණගැසී සාකච්ඡා කිරිමට නියමිතය.

මීට අමතරව මෙම සංචාරය තුළ දී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිත බව වාර්තා වේ.

Related posts

පලාලි හා පලෙයි යුද හමුදා මාර්ග බාධක ඉවතට

Mohamed Dilsad

පූජිත් ජයසුන්දරගේ පෙත්සම සළකා බැලීම යලි කල් යයි

Mohamed Dilsad

උතුරේ සහන කටයුතු කඩිනම් කරන්නැයි ඇමති රිෂාඩ් බදියුදීන්ගෙන් උපදෙස්

Mohamed Dilsad

Leave a Comment