ප්‍රමුඛ පුවත 1

ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම් පළමු කොඩිය ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට

(උදයම්,කොළඹ)  –  ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම් පළමු කොඩිය අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැළඳවීමට ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය කටයුතු යොදා තිබේ.

ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට කොඩි පැළඳවීමෙන් පසු අද සිට පුරා මාසයක් වැඩිහිටි කොඩි මාසය ක්‍රියාත්මක වන අතර දිවයිනපුරා පිහිටි වැඩිහිටි සංවිධාන වල නියෝජිතයින් අද සිට එම කොඩි මහජනතාවට අළෙවි කිරීමට නියමිතය.

මෙම කොඩි විකිණීමෙන් ලැබෙන ආදායමෙන් කොටසක් කොඩි විකුණන අදාල වැඩිහිටි සංවිධාන ආර්ථික වශයෙන් සවි බල ගැන්වීමටත්, සෙසු ආදායම් වැඩිහිටි ප්‍රාදේශීය බල මණ්ඩල වලටත්, ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය විසින් පවත්වාගෙන වැඩිහිටි ආරක්ෂණ අරමුදලටත් බැර කරන බව සමාජ සවි බල ගැන්වීම් , සුබසාධන හා කඳුරට උරුමයන් පිළිබඳ ඇමැති එස්.බී. දිසානායක මහතා පවසයි.

2017.07.11 සිට 2017.08.10 දක්වා ක්‍රියාත්මක ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම් කොඩි අලෙවිය මගින් මෙවර රුපියල් මිලියන 06 ක ආදායමක් බලාපොරොත්තු වන බවත්, පසුගිය වසරේ කොඩි අලෙවියෙන් රුපියල් මිලියන   05 ක ආදායමක්  ලැබුනු බවත් පවසන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා වැඩිහිටි දීමනාවෙන් රුපියල් 100ක් වැඩිහිටි ආරක්ෂණ අරමුදලට බැර කිරීම මගින් ඉදිරියේදී ශ්‍රී ලංකාව මුහුන දීමට නියමිත වැඩිහිටි ජනගහනය  වැඩිවීමේ අර්බුධයට පිළියම් ලෙස නව වැඩිහිටි නිවාස ඉදිකිරීම අරඹන බවද සඳහන් කරයි .

වර්ෂ 2030 වනවිට මෙරට ජනගහනයෙන් 25%ක් වැඩිහිටියන් වීමත් ඔවුන් මෙරට ජාතික ආර්ථික සංවර්ධනයේ කොටස් කරුවන් කර ගැනීමත් ඉදිරියේදී ශ්‍රීලංකාව මුහුන දෙන ප්‍රධාන අභියෝගයක් බව  අමාත්‍ය එස්.බී.දිසානායක මහතා ප්‍රකාශ කරයි.

Related posts

ප්‍රගතිශීලී මුස්ලිම් පෙරමුණ ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණ සමඟ එක්වෙයිද?

Mohamed Dilsad

අමිත් වීරසිංහ යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

Mohamed Dilsad

සුදු වෑන් රියදුරන් දෙදෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment