(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ කුළුබඩුවල කීර්තිනාමය වැඩි දියුණු කරමින් ඉහළටම ගෙන යාම සඳහා කුළුබඩු අපනයනය ආශ්‍රිත නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුඩීන් මහතා පවසයි.
ඒ මඟින් “සිලෝන් ගම්මිරිස්” කීර්තිනාමය තව තවත් ඉහළට නංවමින්, කුළුබඩු අපනයනකරුවන්ට අමාත්‍යාංශය හා ආයතන හරහා සහාය ලබා දීමට පියවර ගන්නවා. එහි පළමු පියවර ලෙස සති 1 -2 ක් ගතවන අපනයන
නිෂ්කාශන කටයුතු කඩිනම් කිරීමට, මා පියවර ගන්නවා.
ඒ අනුව මම වාණිජ දෙපාර්තමේන්තුවට කියනවා, පැය 48 කටත් අඩු කාලයකින් අපනයන නිෂ්කාශන කටයුතු ඉටු කරන ලෙසට නියම කරනවා. ඒ වගේම ඔබට බලපාන සෑම බාධකයක්ම ඉවත් කර ඔබගේ අපනයන දෙගුණයක් දක්වා වැඩි කිරීමට මේ වසරේදී අපේ අමාත්‍යාංශය ඔස්සේ සහයෝගය ලබා දෙනවා යැයි ද අමාත්‍යවරයා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ,පසුගියදා කර්මාන්ත අමාත්‍යාංශයේ දී කුළුබඩු නිෂ්පාදකයන් සමඟ පැවැති සාකච්ඡාවකදීය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]