විදෙස්

බෝම්බ නිෂ්පාදකයෙකු සොයා මෙහෙයුමක්

(UTV|ඇමෙරිකාව) – බෝම්බ නිෂ්පාදකයෙකු සොයා ඇමෙරිකානු පොලීසිය මෙහෙයුමක් ආරම්භ කරයි.

ඒ ඇමරිකාවේ ,ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් ප්‍රදේශයේ වෙසෙන බෝම්බ නිෂ්පාදකයෙකු සොයායි.

මෙම බෝම්බ ඇසුරුම් කරන ලද පාර්සල් සකස් කළ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන අයෙකුට ඇමරිකානු ඩොලර් 65,000 ක ත්‍යාග මුදලක් ලබාදීමට ද එරට පොලීසිය සුදානමින් සිටී.

පසුගිය කාලසීමාව තුළදී එම ප්‍රාන්තයේ නිවාස දෙකක් ඉදිරිපිට තිබූ බෝම්බ ඇසුරුම් කරන ලද පාර්සල් පිපිරීමෙන් අවුරුදු 17 ක සිසුවෙකු සහ 39 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුහ.

එම සිද්ධියෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබූ අතර ඉන් අනතුරුවයි එරට පොලීසිය මෙම මෙහෙයුම ආරම්භ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දිල්ලි නුවර යළිත් අධික මීදුම

Mohamed Dilsad

පැය 6ක් ලෝකයේ සබඳතා අඩපණ කළ FB බිඳ වැටීමට හේතුව මෙන්න

Mohamed Dilsad

කැතේ පැසිෆික් සේවකයින් 8500 කට රැකියා අහිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment