(UTV| ඉන්දියාව) – සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනිට ඉන්දීය ජනාධිපතිවරයා විසින් පද්ම භූෂන් සම්මානය පිරිනමා තිබේ.
ඒ ඊයේ දිනයේදීය.
2011 වසරේ ශ්‍රී ලංකාව පරදවා ලෝක ක්‍රිකට් කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා ඉන්දීය පිළ මෙහෙය වූයේ මහේන්ද්‍ර සිං දෝනි විසිනි.
වසර 28කට පසු ඉන්දියාවට 2 වන ක්‍රිකට් ලෝක කුසලානය හිමි කර දෙමින් එම අවසන් තරඟය මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ මීට සත් වසරකට පෙරදීය.
එනම් 2011 වසරේ අප්‍රේල් 2 වැනිදාය.
එම තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 274කි.
එහිදී පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව කඩුලු 4 ක් පමණක් දැවී ජයග්රාහි ඉලක්කය පසුකර ගියේය.
මෙහිදී නායකයා වූ දෝනි නොදැවී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ලකුණු 98 ක් රැස් කළේය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]