(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ 8 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අවසන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතිවිශේෂ ගැසට් පත්‍රයකට අත්සන් කරනු ලැබුවා.
ඒ අනුව මැයි මස 8 වනදා පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ වීමට නියමිතයි.
8 වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ වූයේ 2015 වසරේ සැප්තැම්බර් 2 වනදාය.
ඒ 2015 අගෝස්තු 26 වනදා නිකුත් කෙරුණු 1929 / 13 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය අනුවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තිය අනුව, පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමටත්, මාස දෙකක් නොඉක්මවන දිනයකදී යළි ඊළග සභාවාරය ආරම්භ කිරීමේ දිනය නියම කිරීමටත් ජනාධිපතිවරයාට බලය පවති.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]