(UTV|මාතර) – 2017 වර්ෂයේ මැයි මාසයේදී ඇතිවූ ගංවතුර හේතුවෙන් ආපදාවට ලක්ව නිවාස හානියට පත්වූ ජනතාව වෙනුවෙන් වන්දි ලබාදීමේ වැඩසටහන යටතේ දෙනියාය ආසනයේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වන්දි ලාභීන් 604 දෙනෙකු සඳහා වන්දි ලබාදීම අද (07) පස්වරුවේ පිටබැද්දර නවෝද්‍යා පාසලේදී පැවැත්වුනා. ඒ අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි. ඒ අනුව රුපියල් කෝටි 17 ට අධික වන්දි මුදලක් මෙලෙස ලබාදෙනු ඇත.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]