ප්‍රමුඛ පුවත 1

පොලිසියේ පිරිසකට උසස්වීම්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් අටදෙනෙක් නියොජ්‍ය පොලිස්පති තනතුරට උසස්කර තිබේ.

ජාතික පොලිස් කොමිෂම විසින් මෙම උසස්වීම් ලබාදී ඇත්තේ පොලිස්පති පූජිත ජයසුන්දරගේ නිර්දේශයන් මත බව ශ්‍රී ලංකා පොලිසිය සදහන් කරයි.

ජ්‍යෙෂ්ඨතාව සහ කුසලතාව පදනම්කර ගනිමින් අදාල උසස්වීම් සිදුකල බව සඳහන්ය.

ඒ අනුව ඩී. ජේ. එන්. ජයවර්ධන , එල්. එස්. පතිනායක , ටී. එම්. ඩබ්. ඩී. තෙන්නකෝන් , ඩබ්. ජේ. ජාගොඩ ආරච්චි සහ පී. මුණසිංහ යන හය දෙනා පසුගිය වසරේ මාර්තු 31 වන දින සිට බලපැවැත්වෙන පරිදි පත්වීම සිදුකර තිබේ.

එල්. එෆ්. ඒ. ආර්. ජේ. සිල්වා , ජී. එස් වල්ගම සහ එම්. එච්. මාර්සෝ යන තිදෙනා 2016 වසරේ ජූනි 10වෙනි දින සිට බලපැවැත්වෙන පරිදි අදාල තනතුරට උසස්කර ඇත.

Related posts

සයිබර් ආරක්ෂණය පිළිබඳ පනත් කෙටුම්පතක්.

Mohamed Dilsad

2019 තුන්වන පාසල් වාරය අදින් ආරම්භ වෙයි

Mohamed Dilsad

පසුගිය කාලසීමාවේ සිදුවූ සිදුවීම් වහාම විභාගයට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment