විදෙස්

යුරෝපයේ අධික ශීතලෙන් විසිදෙනෙක් ජීවිතක්ෂයට

යුරෝපයේ අධික ශීතලට නිරාවරණය වීමෙන් පසුගිය දින දෙක තුළ පුද්ගලයෝ විසිදෙනෙක්  ජීවිතක්ෂයට පත් වෙති.

යුරෝපයේ මෙවර ශීත ඍතුව අසාමාන්‍ය වන අතර පෝලන්තයේ දසදෙනෙකු මියගොස් ඇත්තේ සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 14 ක ශීතලට නිරාවරණය වීමෙනි.

ගතවූ පැය 48 තුළඉතාලියේ  පුද්ගලයන් හත්දෙනෙකුද අධික ශීතල නිසා  මියගොස් ඇති අතර, ඉන් පස්දෙනෙක් නිවහන් නොමැති සංක්‍රමණිකයන් බවද වාර්තාවේ.මුළු යුරෝපයම පාහේ මේ වනවිට හිම තට්ටුවකින් වැසී ඇති අතර, මොස්කව් නුවර රාත්‍රියේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 30 ක පමණ අඩු අගයක් ගන්නා බව විදෙස් වාර්තා සදහන් කරයි.

Related posts

ඇමරිකාව නොවැම්බරයේ සිට විදෙස් සංචාරකයින්ට විවෘතයි

Mohamed Dilsad

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය අද සිට යළිත්

Mohamed Dilsad

තෙල් පැල්ලම හේතුවෙන් ජපාන නෞකා සමාගමකින් මොරිෂස් දිවයිනට ඩොලර් මිලියන 9.4 ක්

Mohamed Dilsad

Leave a Comment