ව්‍යාපාරික

සංචාරකයන්ගේ වර්ධනයක්…අගෝස්තුවේ ලක්ෂ 02 ක් ලංකාවට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන වාර්තාවලට අනුව 2018 අගෝස්තු මාසය තුළදී 200,359 ක විදෙස් සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මෙම සංගණනය පසුගිය 2017 වසරේ අගෝස්තු මාසය තුළ මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය වූ 190,928 හා සැසඳීමේ දී 4.9% ක ඉහළ යාමක්.

අගෝස්තු මාසයේ මෙම දත්ත සමඟින් වසරේ මුල් මාස 08 තුළදී මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් ගණන 1,582,835 ක් ලෙසින් වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයින් පැමිණ ඇති රටවල් ලෙසින් පිළිවෙලින් ඉන්දියාව, චීනය හා එක්සත් රාජධානිය වාර්තා වෙයි.

Related posts

බිත්තර මිල 40ත්- 45ත් දක්වා යළි ඉහළට. දැන් තේරෙනවද බිත්තරේකින් රු. 8.50ක් යන්නේ කාටද…?

Editor O

මාලිමාවට ඡන්දය දුන් ගොවීන්වත්, ආණ්ඩුවට වී දෙන්නේ නැහැ – එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා

Editor O

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පහළට

Editor O

Leave a Comment