ප්‍රමුඛ පුවත 1

නවක වදය ගැන පැමිණිලි දැන් online ක්‍රමයට භාරගැනේ

(උදයම්,කොළඹ) – විශ්වවිද්‍යාලවල සිදුවන නවකවදය හා සම්බන්ධ පැමිණිලි අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සුදානම් වෙයි.

ඒ අනුව පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් ද මේ සඳහා හඳුන්වා දී ඇත බව  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

මෙම දුරකථන අංකය ඔස්සේ විශ්වවිද්‍යාලවල නවකවදය පිලිබඳ පමණක් නොව සිසුන්ට සිදුවන ඕනෑම හිරිහැරයක් පිලිබඳව පැමිණිලි ඉදිරිපත් කිරීමට හැක.

ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙනමම ඒකකයක් ස්ථාපිත කර තිබේ.

0112 123456 යන දුරකථන අංකයට හෝ www.ugc.ac.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම සිසු ගැටළුව ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.

Related posts

හිටපු ඇමති රිෂාඩ් කිසිම විටෙක බලපෑමක් කලේ නෑ – හමුදාපතිවරයා තේරීම් කාරක සභාව හමුවේ කියයි(වීඩියෝ)

Mohamed Dilsad

බස් රථයක් නෝනගම වැවට වැටෙයි.අයෙකු මරුට

Mohamed Dilsad

වන අලි පහරදීමකින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කැපකරුවෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment